ඉන්දියාවේ කඳු නගින්නන් 11 දෙනෙකු ජීවිතක්ෂයට

Saturday, 23 October 2021 - 7:33

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B6%B3%E0%B7%94+%E0%B6%B1%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A+11+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
ඉන්දියාවේ උත්තරාකාන්ද් ප්‍රාන්තයේ ඉන්දු - ටිබෙට දේශ සීමාවේ මුහුදු මට්ටමෙන් අඩි 17,000ක් උසින් පිහිටි ලම්ඛගා දුර්ගය තරණය කිරීමට ගිය කඳු නගින්නන් 17 දෙනෙකු අතුරුදන්වී තිබෙනවා.

සංචාරකයින්, මග පෙන්වන්නන් සහ භාණ්ඩ රැගෙන යන්නන් ඇතුළු එම කණ්ඩායම පසුගිය 18 වැනි දා දැඩි හිම පතනයෙන් මෙලෙස අතුරුදන් වූ බවයි ඉන්දීය මාධ්‍යය සඳහන් කළේ.

ඉන් 11 දෙනෙකුගේ සිරුරු මේ වනවිට සොයාගෙන තිබෙනවා.

අතුරුදන්වූවන් සොයා ඉන්දීය ගුවන් හමුදාව හෙලිකොප්ටර් යානා යොදාගනිමින් මෙහෙයුමක් ආරම්භ කර ඇති බව සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories