රුසියාවේ කොරෝනා ආසාදනය සහ මරණ තවත් ඉහළට

Sunday, 24 October 2021 - 11:22

%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
රුසියාවේ දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව 1075ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මේ වනවිට කොරෝනා වෛරසයෙන් වැඩිම පීඩාවට ලක්වන යුරෝපීය රට බවට පත්ව තිබෙනවා.

ඊයේ දිනයේ එරට නව ආසාදිත සංඛ්‍යාව ද 37,678ක් රුසියාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව මේ වනවිට 229,528ක් වන අතර එය යුරෝපයේ ඉහළම මරණ සංඛ්‍යාවයි.

රුසියාවේ කොරෝනා ආසාදනය සහ මරණ මෙලෙස ඉහළ යාමට එරට වැසියන් එන්නත්කරණය මඟ හැරීම හේතුවී ඇති බව විශ්වාස කෙරෙනවා.

රුසියානු ජනගහනයෙන් පූර්ණ එන්නත්කරණය ලබා සිටින්නේ සියයට 36ක ප්‍රතිශතයක් පමණයි.