පාසල් හෙට ඇරඹෙයි - දෙමව්පියන් පාසල් පිරිසිදු කිරීමේ කටයුතුවල (වීඩියෝ)

Sunday, 24 October 2021 - 11:57

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%BD+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
අන්තර් පළාත් සංචරණ සීමා යටතේ වුවද අධ්‍යයන හා අනධ්‍යන කාර්ය මණ්ඩල සඳහා පළාත් අතර සංචරණයට අවස්ථාව හිමි බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසනවා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ ඒ සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට වැඩපිළිවෙළක් සකස් කර ඇති බවයි.

දිවයින පුරා සියලු පාසල්වල 1 ශ්‍රේණියේ සිට 5 වැනි ශ්‍රේණිය දක්වා වූ ප්‍රාථමික ශ්‍රේණි හෙට සිට යළි ආරම්භ වනවා.

මේ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක පාසල් පිරිසිදු කිරීමේ කටයුතු සිදුවන ආකාරය දක්නට ලැබුණා

දිවයිනේ සියලු පාසල්වල ප්‍රාථමික අංශ හෙට දිනයේ යළි ආරම්භ කිරීම සඳහා අද එම පාසල් සූදානම් කිරීමේ කටයුතු සිදුවන බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

විශේෂයෙන් මාස කිහිපයකට පසු දරුවන් පාසලට යොමු කිරීමට ලැබෙන අවස්ථාව වෙනුවෙන් දෙමව්පියන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව පාසල් පවිත්‍ර කිරීමේ කටයුතු සිදුකරන බව සඳහන්.

බොහෝ පාසල් පවිත්‍ර කිරීම දුෂ්කර කාර්යයක් වී ඇත්තේ මාස ගණනාවක් එම පාසල් වසා දැමීම හේතුවෙන් දැඩි ලෙස අපවිත්‍ර වී ඇති තත්ත්වය හේතුවෙන්.

කෙසේ වෙතත්, අද පස්වරුව වනවිට හෙට දිනයේ පාසල් ආරම්භ කළ හැකි වන පරිදි පාසල් සකස් වනු ඇති බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

මේ අතර සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් සඳහන් කළේ පාසල් ඇරඹීමට රජය ක්ෂණික තීන්දුවක් ගැනීම නිසා තමන් ගැටලුවකට මුහුණ පා ඇති බවයි.

පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේදී රියදුරන් හා සහයකයන් අනිවාර්යයෙන් එන්නත්කරණයට ලක්වූවන් විය යුතු බව පොලිසිය පවසනවා.

සෞඛ්‍ය අංශ ඉල්ලා සිටින්නේ කොවිඩ් රෝග ලක්ෂණ සහිත හෝ ආසාදිතයින්ගේ ආශ්‍රීතයින් ලෙස හඳුනා ගැණුනු දරුවන් පාසල් එවීමෙන් වළකින ලෙසයි.

මේ අතර දැනට වර්ජන ක්‍රියාමාර්ගයක නිරතව සිටින ගුරු විදුහල්පති වෘත්තිය සමිති හෙට සිට අධ්‍යයන කටයුතු සඳහා දායකත්වය ලබාදීමට මීට පෙර තීරණය කර තිබුණා.

මේ අතර පාසල් විවෘත කිරීම විධිමත් සැලසුමකින් තොරව සිදුකර ඇති බව ගුරු - විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

එය නියෝජනය කරන ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ වැටුප් ගැටලුවට එරෙහිව හෙට සිට පාසල් තුල අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවයි.

මේ අතර, දරුවන් යම් අසනීප තත්වයකින් පසු වන්නේ නම් ඔවුන් පාසල් වෙත එවීමෙන් වැළකී සිටින ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා.  

දිවයින පුරා සියලු පාසල්වල 1 ශ්‍රේණියේ සිට 5 වන ශ්‍රේණිය දක්වා වන ප්‍රාථමික ශ්‍රේණි හෙට සිට යළි ආරම්භ කිරීමට නියමිතයි.

කොවිඩ් වසංගතය හමුවේ වසා දැමුණු මෙරට සියලු පාසැල්වල ප්‍රාථමික අංශ අනිද්දා සිට ආරම්භ කෙරෙන්නේ මාස 6ක කාලයකට පසුවයි.

නමුත් කොවිඩ් වසංගත තත්ත්වය මෙතෙක් මුළුමනින්ම පහව ගොස් නොමැති නිසා එහි අවදානමක් තවමත් සම්පූර්ණයෙන් මැකී ගොස් නැහැ.

එම නිසා පාසැල් යන ඔබේ දරුවාගේ ආරක්ෂාව පිළිබඳ සැළකිලිමත් වීම ඔබේ වගකීමක්.

දරුවන් අනිද්දා පාසැලට යන්නේ මාස 6ක් වැනි දිගු කාලයක් නිවසේ ගත කිරීමෙන් අනතුරුවයි.

එම දරුවන් අතර පළමු ශ්‍රේණියට පළමු දිනයේ ඇතුළත්වන දරුවන්ද සිටිනවා.

ඒ නිසාම සියලුම දරුවන්ට අනිද්දා පාසලට යාම අලුත් අත්දැකීමක් වන්නට පුළුවන්.

ඔවුන්ට පැරණි මිතුරන් කලකට පසු මුණගැසේවි. අලුත් මිතුරන් හඳුනාගන්නටත් අවස්ථාව ලැබේවි. නමුත් කොවිඩ් අවදානම හමුවේ මේ සියලු අත්දැකීම් ලබාගන්නට දරුවන්ට සිදුව තිබෙන්නේ අතේ දුරින්.

එසේත් නැතිනම් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්වයි. දරුවාගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම මව්පියන් සහ ගුරුවරුන් වන ඔබගේ වගකීමක්.

මේ අප අදම ඔබට සිහිපත් කරන්නේ හෙට දිනයේ ඊට සූදානම් වීමට මව්පියන්ටත් දරුවන්ටත් අවස්ථාව සැලසෙන පරිදියි.

දරුවා පාසලට යාමට පෙර මුව ආවරණල විශබීජනාශක දියර ඇතුළු සෞඛ්‍යාරක්ෂිත උපකරණ දරුවා වෙත ලබා දීමට මතක තබාගන්න.

සති දෙක තුනක කාලයක් යනතෙක් හෝ නිවසේ පිසූ ආහාර දරුවාට ලබා දීමට උත්සහ කිරීම වැදගත්.


වෙළඳසැල්වලින් ආහාර මිලදීගෙන දරුවාට ලබා දීම සෞඛ්‍යාරක්ෂිත නොවන බව සිහි තබාගන්න.

දරුවා පාසලට යන්නේ පාසැල් වෑන්ල ත්‍රිරෝද රථ හෝ පොදු ප්‍රවාහන සේවාවක් ඔස්සේනම්ල හැකිතාක් දුරස්ථභාවය ආරක්ෂා කරගන්නා ලෙස දරුවාට උපදෙස් ලබා දෙන්න.

පාසැලට ඇතුළුවීමේදී උෂ්ණත්වය මැන බැලීමට සහ දෑත් සේදීමට පහසුකම් සැපයීම විදුහල්පති ඇතුළු කාර්යමණ්ඩලයේ වගකීමක්.

එමෙන්ම ඊට යොමුවීමේ වැදගත්කමත් දරුවාට පහදා දෙන්න. පාසල තුළදී අනිවාර්යයෙන්ම මුව ආවරණ පැළද සිටිය යුතු බවට දරුවා දැනුවත්
කරන්න.

පංති කාමරය තුළදීත් හැකි තාක් දරුවන් එකිනෙකා සමීප නොවන ලෙස හැසිරවීමට ගුරුවරුන් වග බලා ගතයුතුයි.

තම පෑන්ල පැන්සල්ල මකනල පොත් වැනි පෞද්ගලික උපකරණ තනිව භාවිත කිරීමටත් අන් අය සමඟ බෙදාහදා ගැනීමෙන් වළකින ලෙසත් දරුවන්ට උපදෙස් ලබා දීම වැදගත්.

විශේෂයෙන් දරුවාගේ පෞද්ගලික පරිභෝජනය සඳහා වතුර බෝතලයක් නිවසෙන්ම ලබා දීමට වග බලා ගතයුතු අතර එය අන් අය සමඟ හුවමාරු කර
ගැනීම අතිශය අවදානම් බව දරුවාට කියා දෙන්න.

පාසැලට ගොස් දරුවා නිවසට පැමිණෙන්නේ ඇතැම් විට වෛරසයට නිරාවරණය වී වන්නට පුළුවන්. එම නිසා දරුවා නිවසට පැමිණි විගස දරුවාගේ ඇඳුම් අනිවාර්යයෙන්ම සෝදා පිරිසිදු කරන්න.

දරුවාද ස්නානය කරවා පිරිසිදු කිරීමට වග බලා ගන්න.

මීට අමතරව දරුවන්ගේ මානසික මට්ටමද නිවසේ සිට යළි පාසලට හුරුකරවීම ප්‍රවේසමෙන් හා සැලකිල්ලෙන් සිදුකළ යුත්තක්.

එබැවින් හෙට දිනයේ පාසල් අධ්‍යාපනයේ වැදගත්කම හා සුන්දරත්වය ගැන ඔබේ දරුවාට පහදාදීමත් වැදගත්වනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories