වනගත වෙමින් යන වෙළඳ සංකීර්ණය (වීඩියෝ)

Sunday, 24 October 2021 - 13:28

%E0%B7%80%E0%B6%B1%E0%B6%9C%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%B1+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අරලගංවිල නගරයේ පිහිටා ඇති ​වෙළඳ සංකීර්ණ ගොඩනැගිල්ල වෙළඳ ප්‍රජාව වෙනුවෙන් ඉදිකළද කිසිදු ප්‍රයෝජනයක් නොගෙන අතහැර දමා ක්‍ර‍මයෙන් වන ගත වෙමින් යනවා.

1999 වර්ෂයේ ආරම්භ කල මෙම ​වෙළඳ සංකීර්ණය තවමත් ජනතා අයිතියට පවරා දී නොමැත්තේ බලධාරීන්ගේ නොසලකිසකිල්ල හේතුවෙන්.

වෙළඳ කුටි 50කින් පමණ සමන්විත වෙළඳ සංකීර්ණයෙන් කිසිදු කටයුත්තක් නොගෙනම විනාශයට පත් වීම විශාල පාඩුවක් බවයි ප්‍රදේශයේ ජනතාව පෙන්වා දෙන්නේ.

වසර 15ක පමණ සිට වන වැදි විනාශ වී ගිය ගොඩනැඟිල්ලේ මේ වන විට වහල සිදුරු වී ගැලවී යන ආකාරයක් ද දක්නට ලැබෙනවා.

ප්‍රදේශයේ ජනතාව පවසන්නේ ගොඩනැගිල්ල මේ වන විට විවිධ අපචාර සදහා රජදහනක් වී ඇති බවයි.

ගොඩනැගිලි මේ ආකාරයෙන් විනාශ වීමට නොදී කුමන හෝ කාර්යයක් සදහා යෙදවීමට කටයුතු කරන ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories