චීනය දේශ සීමා තර කරයි

Sunday, 24 October 2021 - 14:28

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
සිය දේශ සීමා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා චීනය අද නීතියක් සම්මත කර ගනු ලැබුවා.

විශේෂයෙන් ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන්වරුන් බලයට පැමිණීම සහ ඉන්දු - චීන දේශ සීමාවේ පවතින උණුසුම් තත්ත්වය එහිදී සැලකිල්ලට ගෙන ඇති බව සඳහන්.

නව නීතිය අනුව ලබන වසරේ ජනවාරි පළමුවනදා සිට සිය දේශ සීමා ආරක්ෂාව ක්‍රියාත්මක කෙරෙන ආකාරය වෙනස් කිරීමටයි චීනය මෙලෙස පියවර ගෙන ඇත්තේ.

තලෙයිබාන්වරුන් බලයට පැමිණීමෙන් පසු සරණාගතයින් සහ ඉස්ලාමීය අන්තවාදීන් චීනයේ ෂින්ජියැං ප්‍රාන්තයේ උයිගූර් මුස්ලිම්වරුන් හා මිශ්‍රවීම වැළැක්වීම චීනයේ ප්‍රමුඛ අරමුණක්.

එමෙන්ම, හිමාල දේශ සීමාව ඔස්සේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට ඉන්දියාව සහ චීනය අතර උණුසුම්කාරී තත්ත්වයක් පවතිනවා.

දේශ සීමාව හරහා කොරෝනා වෛරස් ආසාදිතයින් චීනයට පැමිණීම වැළැක්වීමට ද චීනය අපේක්ෂා කරනවා.

පසුගිය කාලය තුළ චීනයේ කොරෝනා ආසාදනය ඉහළ යාමට හේතු වූයේ, මියන්මාරයේ සහ වියට්නාමයේ සිට පැමිණි ආසාදිත පුද්ගලයන්ගෙන්.