රණවිරු අනුස්මරණ වන වගාව කරුවලගස්වැවදී ඇරඹේ

Sunday, 24 October 2021 - 14:41

%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B6%9C%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%9C%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B7%80%E0%B6%AF%E0%B7%93+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
"සෑම රණවිරුවෙක් සදහාම ගසක්" යන සංකල්පය යටතේ වනජීවි හා වන සංරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයේ සහ වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ  සංවිධාන ශක්තියෙන්  රණවිරු සේවා අධිකාරියේ සම්බන්ධීකරණය මත ත්‍රිවිධ හමුදාව හා ඒකාබද්ධව පැළ 26,000ක් රෝපණය කිරීමේ ව්‍යාපෘතියක් පුත්තලම් දිස්ත්‍රික්කයේ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි  ඉපලෝගම රක්ෂිතයේදී සිදු කරනු ලැබුවා.
 
මෙම රණවිරු අනුස්මරණ රුක් රෝපණ වැඩසටහන වනජීවි හා වන සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක හා වන සංරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් පාලිත ප්‍රනාන්දු සහ රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් නන්දන සේනාධීර ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සිදු වුණා.

මෙහිදී දේශයේ නිදහස උදෙසා ක්‍රියාන්විතයේදී දිවිපිදූ පුත්තලම දිස්ත්‍රික්කයේ රණවිරු පවුල් 25ක ළඟම ඥාතීන් මෙම රුක් රෝපණ වැඩසටහන සඳහා සංකේතාත්මකව සහභාගි වුවා.

එමෙන්ම,ත්‍රිවිධ හමුදා නිළධාරින්, පොලිස්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිළධාරින් සහ මියගිය වීරෝධාර රණවිරුවන්ගේ දෙමාපියන් බිරින්දෑවරුන් සහ දරුවන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories