සුඩානයේ හමුදා කුමන්ත්‍රණයක් - අගමැතිවරයාත් නිවාස අඩස්සියට

Monday, 25 October 2021 - 14:35

%E0%B7%83%E0%B7%94%E0%B6%A9%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B6%85%E0%B6%A9%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
ඕමාර් අල් බෂීර්ගේ ඒකාධිපති පාලනයෙන් මිදී ප්‍රජාතන්ත්‍රවාදයට පිවිසීමට තැත් කරන සුඩානයේ සිවිල් අන්තර් වාර රජයේ ප්‍රධානීන් එරට හමුදා කණ්ඩායමක් විසින් රඳවාගෙන සිටින බව වාර්තා වනවා.

සුඩාන තොරතුරු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, අගමැති අබ්දුල්ලා හැම්ඩොක් ඇතුළු පිරිසක් මෙලෙස නිවාස අඩස්සියට ගෙන ඇත්තේ, හමුදා කුමන්ත්‍රණයට සහය නොදැක්වීම නිසා බවයි.

විප්ලවය රැකගැනීමට වීථි බසින්නැයි ඔහු ඊට පෙර සුඩාන ජනතාවගෙන් ඉල්ලීමක් ද කළා.

ඕමාර් අල් බෂීර්ගේ පාලනය පෙරළා දැමීමෙන් පසු එරට හමුදාව සහ සිවිල් ජනතාව අතර බලය බෙදාගැනීමේ ප්‍රයත්නයක් ක්‍රියාත්මක වුණා.

ඊට එරෙහිව පසුගිය මාසයේ පැන නැගුණු හමුදා කුමන්ත්‍රණය සාර්ථක නොවූ අතර, ඉන් අනතුරුවයි, දැන් නැවතත් හමුදා කණ්ඩායමක් එරට පාලනය තමන් අතට ගෙන ඇත්තේ.

ඔවුන් මේ වනවිට සුඩාන රාජ්‍ය ගුවන් විදුලි සහ රූපවාහිනී සේවාවන් වෙත කඩාවැදී ඒවායේ සේවක පිරිස් රඳවාගෙන සිටින බව විදෙස් වාර්තා සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories