ඇෆ්ගනිස්ථානය ආහාර අර්බුදයක් අභියස

Monday, 25 October 2021 - 15:06

%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%83
කඩිනම් ක්‍රියාමාර්ග නොගතහොත් එළඹෙන ශීත ඍතුවේදී මිලියන සංඛ්‍යාත ඇෆ්ගනිස්ථානවාසීන් සාගතයකට මුහුණදෙනු ඇති බවට ජගත් සංවිධානය අනතුරු අගවනවා.

ඊට අනුබද්ධ ලෝක ආහාර වැඩසටහන ප්‍රකාශ කළේ, ඇෆ්ගනිස්ථාන ජනගහනයෙන් අඩක් එනම් මිලියන 22.8ක් ජනතාව දරුණු ආහාර අනාරක්ෂිතභාවයකින් පෙළෙන අතර වයස අවුරුදු 5ට අඩු ළමයින් මිලියන 3.2ක් දරුණු මන්දපෝෂණයට ලක්වනු ඇති බවයි.

ඇෆ්ගනිස්ථානයේ දැන් ලොව දරුණුතම මානුෂීය අර්බුදයක් නිර්මාණය වී ඇති බව ද ලෝක ආහාර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ ඩේවිඩ් බීස්ලේ ප්‍රකාශ කළා.

පසුගිය අගෝස්තු මාසයේ ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයෙන් නික්මුණු පසු දැන් එරට බලය අත්පත් කරගෙන සිටින්නේ, තලෙයිබාන් සංවිධානයයි.

දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10ක් විදේශ ආධාර මත රදා පවත්නේ නම්, එම රට ආධාර මත යැපෙන රටක් ලෙස හැඳින්වෙනවා.

ලෝක බැංකුවේ දත්තවලට අනුව ඇෆ්ගනිස්ථානයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 40ක් විදේශ ආධාරයි.