පාප් වහන්සේ කැනඩා සංචාරයක

Thursday, 28 October 2021 - 8:34

%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A+%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B6%A9%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ කැනඩාවේ සංචාරයක නිරතවීමට නියමිත බව විදෙස් වාර්තා පවසනවා.

එළඹෙන දෙසැම්බර් මාසයේදී කැනේඩියානු ආදිවාසී ජනතාවට සිදුව ඇති අසාධාරණ සම්බන්ධයෙන් බලධාරීන් සමඟ සාකච්ජා කිරීම පාප් වහන්සේගේ මෙම සංචාරයේ අරමුණයි.

පසුගිය මැයි මාසයේදී කැනඩාවේ ආදිවාසී දරුවන් 100,100ක් පමණ සිරුරු සහිත සමූහ මිනී වළක් හමුවුණා.

මෙම සිද්ධියත් සමඟ කැනේඩියානු ආදිවාසි ජනතාවට සිදු වූ හිරිහැර සම්බන්ධයෙන් ලෝක ප්‍රජාව අතර කතා බහක් ඇති වුණා.

කැනේඩියානු ජනතාව සඳහන් කළේ, මෙම සිද්ධියට බලධාරීන් සමාව ගත යුතු බවයි.