ඇමරිකානු ජනාධිපති දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට

Thursday, 28 October 2021 - 10:11

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B7%83+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%A7
එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට ඇමරිකානු ජනාධිපතිවරයා කිසිදු යෝජනාවක් නොමැතිව සහභාගී වීමට නියමිත බව ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පවසනවා.

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නගරයේ පැවැත්වෙන මෙම සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති ජෝ බයිඩන් අද (28) පිටත්ව යන බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

කෙසේ වෙතත් ජෝ බයිඩන් විසින් දේශගුණික විපර්යාස පිළිබඳ ගැටලු විසඳීමට සඳහා ඇමරිකානු ඩොලර් ටි්‍රලියන 1 දශම 5ක් 2ත් අතර මුදලක් වෙන් කිරීම හා අනෙකුත් ක්‍රියාකාරකම් සූදානම් කර තිබුණ ද ඒ සියල්ල පක්ෂය අභ්‍යන්තරයේ ඇති ගැටලු හේතුවෙන් ඇණහිට ඇති බව ද සඳහන්.