චීන ජනපති ලෝක දේශගුණික විපර්යාස සමුළුව මඟහරී

Thursday, 28 October 2021 - 13:31

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B7%83+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B6%B8%E0%B6%9F%E0%B7%84%E0%B6%BB%E0%B7%93
ශුද්ධ ශූන්‍ය කාබන් විමෝචන ඉලක්කයක් ප්‍රකාශයට පත් කිරීම සඳහා කරන ලද ඉල්ලීම් ඉන්දියාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඉන්දීය රජයේ ප්‍රකාශක ලෙස කටයුතු කරන ආර්.පී. ගුප්තා කියා සිටියේ විමෝචනය ශූන්‍ය කිරීමට වඩා එය අඩු කිරීම සහ ගෝලීය උෂ්ණත්වය භයානක ලෙස වැඩිවීම වළක්වාගැනීමට මාර්ගයක් සකස් කිරීම ඊට වඩා වැදගත් බවයි.

ඉන්දියාව, තවත් දින කිහිපයකින් ආරම්භ වන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට කාබන් උදාසීන සැළසුම පිළිබඳ යෝජනා ඉදිරිපත් කළ යුතු වනවා.

චීනය සහ ඇමරිකාවට පසු ලෝකයේ තුන්වන විශාලතම හරිතාගාර වායු විමෝචනය කරනු ලබන්නේ ඉන්දියාවයි.

රටවල් 200කට ආසන්න නියෝජිත පිරිසකගේ සහභාගිත්වයෙන් එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝහිදී මේ මස 31 වනදා සිට නොවැම්බර් මස දක්වා පැවැත්වීමට නියමිතයි.  

මෙම සමුළුවට චීන ජනාධිපති ෂී ජින් පින්ගේ සහභාගීත්වය අවිනිශ්චිත බවයි වාර්තා වන්නේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊට සහභාගිවීමට නියමිත අතර, ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මේ වනවිටත් ඒ සඳහා පිටත්ව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.