කොරෝනා නිරෝධායන නීති වලට එරෙහිව යුරෝපයේ විරෝධතා

Sunday, 21 November 2021 - 14:23

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F
යුරෝපයේ නව කොරෝනා රැල්ලත් සමඟ පනවා ඇති නව නිරෝධායන සීමාවන්ට එරෙහිව නෙදර්ලන්තය ඇතුළු රටවල් රැසක විරෝධතා පැන නැගී තිබෙනවා.

නෙදර්ලන්තයේ රොටර්ඩෑම් නුවර ඊයේ රාත්‍රියේ පැවති එවැනි විරෝධතාවක් ප්‍රචණ්ඩ ස්වරූපයක් ගත් අතර, විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලීසිය වෙඩි ප්‍රහාරයක් ද එල්ල කළා.

හේග් නුවර දී විරෝධතාකරුවන් බයිසිකල්වලට ගිනි තැබූ අතර, ඔස්ට්‍රියාව, ක්‍රොඒෂියාව සහ ඉතාලියේ ද නව නිරෝධායන සීමාවන්ට එරෙහි විරෝධතා පැවැත්වුණා.

කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කළේ යුරෝපා මහද්වීපයේ කොරෝනා ව්‍යාප්තිය යළි ඉහළ යාම පිළිබදව අවධානයෙන් පසුවන බවයි.

දැඩි නිරෝධායන සීමාවන් ක්‍රියාත්මක නොකළහොත් එළඹෙන වසන්තයට පෙර එහි කොරෝනා මරණ පන්ලක්ෂයක් වාර්තා විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා කලාපීය අධ්‍යක්ෂ වෛද්‍ය හෑන්ස් ක්ලූග් සඳහන් කළා.