මැදපෙරදිග කලාපයේ විශාලතම මින් මැදුර

Monday, 22 November 2021 - 13:09

%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%9C+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B6%AD%E0%B6%B8+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B6%BB
මැදපෙරදිග කලාපයේ විශාලතම මින් මැදුර අබුඩාබි නුවර විවෘත කර තිබෙනවා.

මෙම මින්මැදුරේ ජලජ ජිවීන් 45,000කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරෙන බවයි වාර්තා වන්නේ.

විවිධ ජලජ ජීවින් නැරඹීම සඳහා ප්‍රදර්ශන ස්ථාන 60ක් මෙහි ඉදිකර තිබීම විශේෂත්වයක්.

ලොවපුරා විවිධ සාගර, වාසස්ථාන පිළිබිඹු කරමින් කුඩා මින්මැදුරු 10ක් ද නිර්මාණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම මින්මැදුර නැරඹීම සඳහා පුද්ගලයෙකුට පැය 5ක පමණ කාලයක් ගතවනු ඇති බවයි.