ජර්මනියේ කොරෝනා එන්නත් ලබාගැනීම අනිවාර්ය කිරීමේ සූදානමක්

Monday, 22 November 2021 - 14:26

%E0%B6%A2%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ජර්මනියේ හතරවන කොරෝනා රැල්ල ආරම්භවීමත් සමඟ එන්නත් ලබාගැනීම අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා.

දැනට ජර්මනියේ කොරෝනා මර්දන එන්නත් ලබාගැනීම අනිවාර්ය නොවන අතර, මෙම තත්වය මත බොහෝ පිරිසක් එන්නත් ලබාගෙන නොමැති බවයි වාර්තාවන්නේ.

හතරවන කොරෝනා රැල්ලත් සමඟ ජර්මනියේ ආසාදිතයන් වාර්තාවීම දිනෙන් දින ඉහළ ගොස් ඇති අතර, ඊයේ දිනයේදී එරටින් නව ආසාදිතයන් 36,860 ක් වාර්තාවී තිබෙනවා.

එමෙන්ම මරණ 60 ක්ද ඊයේ එරටින් වාර්තාවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ වනවිට ජර්මනියේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 5,378,192 ක් වන අතර, සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 99, 613 ක් ලෙසයි.