ඇමරිකාවේ නත්තල් පෙරහරකට මෝටර් රථයක් කඩා වැදී 5 දෙනෙකු ජීවිතක්ෂයට

Monday, 22 November 2021 - 16:07

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%84%E0%B6%BB%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%93+5+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
ඇමරිකා එක්සත් ජනපදයේ විස්කොන්සින් ප්‍රාන්තයේ වාකීෂා නගරයේ නත්තල් පෙරහරකට මෝටර් රථයක් කඩා වැදීමෙන් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, 40 දෙනෙකු පමණ තුවාල ලැබුවා.

වාකීෂා නගරයේ ජනතාව සෑ ම වසරක ම තුති පිදීමේ නිවාඩු සමයට පෙර එළඹෙන ඉරිදා දිනයේ මෙවැනි පෙරහරක් පවත්වන අතර එහි නැටුම් කණ්ඩායම්වල සිටි ළමයින් 15 දෙනෙකු ද තුවාල ලබා රෝහල්ගත කර ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් සුඛෝපභෝගී මෝටර් රථය ජනතාව අතරට පැද වූ පුද්ගලයා පොලිස් භාරයට ගෙන ඇති අතර, ඔහු පිළිබද වැඩිදුර තොරතුරු පොලිසිය මඟින් හෙළිදරව් කර නැහැ.

කෙසේ නමුත් එය මේ මොහොතේ ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සැලකිය නොහැකි බවයි වාකීෂා පොලිස් ප්‍රධානී ඩෑන් තොම්සන් සඳහන් කළේ.