ඇමරිකානු යුද නෞකාවක් චීනයට අභියෝග කරයි

Tuesday, 23 November 2021 - 13:59

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B6%B1%E0%B7%9E%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
යූ.එස්.එස්. මිලියුස් නමැති ඇමරිකානු මිසයිල හාරක යුද නෞකාව අද (23) තායිවාන සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කර තිබෙනවා.

එය දකුණු චීන මුහුදේ චීන ආධිපත්‍යයට එල්ල කළ අභියෝගයක් ලෙසයි සැලකෙන්නේ.

ඇමරිකාව විසින් තායිවානය තම රටින් වෙන්වූ ප්‍රාන්තයක් ලෙස සලකන අතර, චීන ප්‍රහාරක යානා රැසක් පසුගිය කාලය තුළ එරට ගුවන් තලය ආක්‍රමණය කළා.

කෙසේ නමුත් ඇමරිකානු යුද නෞකා තායිවානය ආසන්නයට පැමිණීම කලාපීය රාජ්‍ය තාන්ත්‍රික උණුසුම ඉහළ නංවන බවයි චීනය පවසන්නේ.

එහෙත් සිය යුද නෞකාව ජාත්‍යන්තර නීතියට අනුකූලව තායිවාන සමුද්‍ර සන්ධිය හරහා ජාත්‍යන්තර මුහුදේ ගමන් කළ බව එක්සත් ජනපද නාවික හමුදාව ප්‍රකාශ කළා.

නිදහස් සහ විවෘත ඉන්දු - පැසිෆික් මුහුදු කලාපයක් සඳහා තමන් කැපවී සිටින බවයි එමගින් අවධාරණය කළේ.