දකුණු කොරියාව ගොඩනැගූ ආඥාදායකයා මියයයි

Tuesday, 23 November 2021 - 19:35

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%96+%E0%B6%86%E0%B6%A5%E0%B7%8F%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
1979 වසරේ හමුදා කුමන්ත්‍රණයකින් බලයට පැමිණ, අයෝමය හස්තයකින් ප්‍රජාතන්ත්‍රවාදී බලවේග මැඩලමින් දැඩි පාලනයක් ගෙන ගිය දකුණු කොරියාවේ හිටපු හමුදා ආඥාදායක චුන් ඩූ හුවාන් වයස අවුරුදු 90 ක්ව සිටියදී මියගොස් තිබෙනවා.

සෝල් අගනුවර සිය නිවහනේදී අද අලුයම මියගිය ඔහුගේ දේහය අවසන් කටයුතු සිදුකිරීමට පෙර රෝහල වෙත රැගෙන ගිය බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

කොරියාව, ජපාන පාලනය යටතේ පවතිද්දී 1931 වසරේ දුප්පත් ගොවි පවුලක උපත ලැබූ චුන් ඩූ හුවාන් පාසල් දිවියෙන් අනතුරුව හමුදාවට එක්වූ අතර, 1979 වසරේ එරට හමුදාපති ධුරයට පත්වුණා.

එවකට ජනාධිපතිව සිටි පාක් චුන් හී ඝාතනයේ විමර්ශන සියතට ගත් චුන් ඩූ හුවාන් එරට හමුදා බුද්ධි අංශවල පාලනය නතු කර ගනිමින් හමුදා කුමන්ත්‍රණයක් දියත් කර දකුණු කොරියාවේ අසහාය නායකයා බවට පත්වුණා.

දැඩි පාලනයක් ගෙන ගිය ඔහු 1980 වසරේ ග්වන්ජු හි ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණය මර්දනය කළේ සිසුන් සිය ගණනක් ඝාතනය කරමින්.

කෙසේ නමුත් දකුණු කොරියාව ආසියාකරයේ ආර්ථික බලවතෙකු බවට පත්වූයේ මොහුගේ පාලන සමයේදියි.  

එමෙන්ම රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීමට ඉඩ සළසමින් ඔහු රෝ ටේ වූ ජනාධිපතිවරයා වෙත බලය පැවරූ අතර, පසුකාලීනව නඩු විභාගයකින් ඔහුට මරණ දඬුවම නියම කෙරුණා.

එය පසුව ජීවිතාන්තය දක්වා සිර දඩුවමක් බවට පත් කෙරුණු අතර, 1997 වසරේදී නිදහස් කිරීමට කිම් යොං සැම් ජනාධිපතිවරයා කටයුතු කළා.