එල්.පී.එල්. බලන්න ප්‍රේක්ෂකයන්ට අවසර - ගාල්ලේ කොදෙව් තරගයටත් ඉඩක්

Tuesday, 23 November 2021 - 19:48

%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.%E0%B6%B4%E0%B7%93.%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB+-+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A
බටහිර ඉන්දීය කොදෙව් පිල සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය නැරඹීම සඳහා හෙට සිට සීමිත ප්‍රේක්ෂක පිරිසකට අවස්ථාව ලබාදී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා ප්‍රකාශ කළේ එන්නත් මාත්‍රා දෙකම ලබාගත් අයට එම අවස්ථාව හිමිවන අතර, ක්‍රීඩාංගණයට ඇතුලුවීමට පෙර එන්නත් කාඩ්පත පරීක්ෂා කරන බවයි.

මේ අතර ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලිය ද සීමිත ප්‍රේක්ෂකයින්ගේ පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය හිමි වූ බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළා.  

ශ්‍රී ලංකා - කොදෙව්  පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය වන අද, වර්ෂාව හේතුවෙන්  තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරන කොදෙව් කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 224 ක් ලබා සිටියා.

ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 162 ක් පිටුපසින් පසුවනවා.