නවසීලන්තය මාස 5කට වැසේ

Wednesday, 24 November 2021 - 14:02

%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+5%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%9A
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් විදේශිකයින්ට රටට ඇතුළුවීම මාස 5ක කාලයක් දක්වා තහනම් කිරීමට නවසීලන්ත රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලබන වසරේ අප්‍රේල් 30 වන තුරු එරටට කිසිදු විදේශිකයෙකුට ඇතුළුවීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

කෙසේ වෙතත්, ලබන වසරේ ජනවාරි 16 වනදායින් පසු කොරෝනා එන්නත් ලබා ගත් ඔස්ට්‍රේලියාවේ සිටින නවසීලන්ත ජාතිකයින්ට එරටට පැමිණීමට හැකියාව පවතිනවා.

එමෙන්ම, පෙබරවාරි 13 වන දායින් පසු වෙනත් රටවල සිටින නවසීලන්ත වීසා හිමි පුද්ගලයින්ට දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ සීමා යටතේ එරටට ඇතුළුවීමට හැකියාව පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.