කළු ජාතිකයෙකු ඝාතනය කළැයි සුදු ජාතිකයන් තුන්දෙනෙකු වරදකරුවන් කරයි

Thursday, 25 November 2021 - 11:04

%E0%B6%9A%E0%B7%85%E0%B7%94+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ඇමරිකාව ම කම්පාවට පත් කළ කළු ජාතික අහමඩ් ආර්බරිගේ ඝාතනය සම්බන්ධයෙන් එම චෝදනාව එල්ල වූ සුදු ජාතිකයින් තුන්දෙනා වරදකරුවන් බව ජූරිය ප්‍රකාශ කළා.

විත්තිකරුවන් තිදෙනාට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම වේ යැයි අපේක්ෂා කෙරෙන අතර, දඩුවම ප්‍රකාශයට පත් කරන දිනය විනිසුරුවරයා සඳහන් කර නැහැ.

එවකට 25 හැවිරිදි වියේ පසු වූ අහමඩ් ආර්බරි ශාරීරික ව්‍යායම කරමින් මාර්ගයේ දිව යමින් සිටිය දී ඔහු පසුපස වාහනයකින් හඹා ආ විත්තිකරුවන් ඔහුට පහර දී වෙඩි තබා ඝාතනය කර තිබුණේ, 2020 වසරේ පෙබරවාරි මස 23 වන දා යි.