මෛත්‍රී - දයාසිරි, මහින්දානන්ද සමඟ මැතිසබයේදී වාදයක පැටලේ (වීඩියෝ)

Thursday, 25 November 2021 - 13:11

%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+-+%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%2C+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%B6%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B4%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාව සිටියදී ඔහුගේ වැය ශීර්ෂය සම්බන්ධයෙන් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ සංවාදාත්මක තත්ත්වයක් ඇති වුණා.

ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ඒ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අදහස් දැක්විමත් සමගින්.

ඊට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මැදිහත්වීමෙන් පසු, සභාවේ ඇතිවුයේ උණුසුම් සංවාදාත්මක තත්ත්වයක්.

මේ අතර, කාන්තාවන්ට එරෙහි හිංසනය නවත්වනු මැයෙන් සඳහන් ස්ටිකරයක් පැළඳ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණියා.

ඊට අමතරව මන්ත්‍රීවරුන් අතෙහි තැඹිලි පැහැති පටියක් ද පැළඳ සිටි බවයි අප පාර්ලිමේන්තු වාර්තාකරු ප්‍රකාශ කළේ.

රෝහිණී විජේරත්න මන්ත්‍රීවරිය තැඹිලි පැහැති සාරියකින් සැරසී පැමිණ සිටීම ද විශේෂත්වයක්.

කාන්තාවන්ට එරෙහි හිංසනය පිටු දැකීමේ ජාත්‍යන්තර දිනය ද අදට යෙදී ඇති අතර ඊට සමඟාමීව සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මන්ත්‍රීවරයාගේ හැසිරීමට විරෝධය දැක්වීම සඳහායි මෙලෙස පැමිණ ඇත්තේ.