පළාත් 7කට මිලිමීටර් 100 වැඩි වැසි (වීඩියෝ)

Thursday, 25 November 2021 - 13:14

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+7%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%93%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+100+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
නැගෙනහිර, ඌව, සරබගමුව, මධ්‍යම, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වලටත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටත් මිලිමීටර 100ට වඩා තද වැසි ඇති විය හැකි බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.  

අද උදෑසන 8.30න් අවසන් වූ පැය 24 තුළ වැඩි ම වර්ෂාපතනය රත්නපුර දිස්ත්‍රික්කයේ ඇරෑපොළ ප්‍රදේශයට වාර්තා වී ඇති අතර, එය දැක්වෙන්නේ මිලිමීටර් 219ක් ලෙසයි.

පැවති වැසි තත්ත්වය හමුවේ දැදුරුඔය ජලාශයේ  වාන් දොරටු 8 ම මේ වන විට විවෘත කර තිබෙනවා.

ඒ හේතුවෙන් බිංගිරිය, රස්නායකපුර, නිකවැරටිය, කොබෙයිගනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අවදානම් කලාපවල වෙසෙන ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කරන ලෙසයි දැනුම් දෙන්නේ.

එමෙන්ම පුත්තලම නිකවැරටිය මාර්ගයේ නිකවැරටිය පාලම අසලින් යට වීමට ආසන්න තත්ත්වයේ පැවතීම හේතුවෙන් ඒ සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දැනුම් දෙනවා.  

එමෙන්ම, දැදුරුඔය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් කුරුණෑගල - අනුරාධපුර මාර්ගයේ එබවලපිටිය ප්‍රදේශයෙන් ජලයෙන් යටවීම නිසා එම මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

අධික වර්ෂාවත් සමඟ පොල්ගොල්ල ජලාශයේ ද වාන් දොරටු දෙකක් ඊයේ රාත්‍රියේ සිට විවෘත කර තිබෙනවා.

මේ අතර ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් සර්ධා වීරකෝන් කියා සිටියේ, එක් මන්තීරුවකට පමණක් ධාවනය සීමා කර ඇති කඩුගන්නාව ප්‍රදේශයේ රථ වාහන ධාවනය නුදුරේදී ම මන්තීරු දෙක සඳහාම විවෘත කිරීමට අපේක්ෂා කරන බවයි.