බාබෙඩොස් ජනරජයක් වෙයි

Sunday, 28 November 2021 - 13:10

%E0%B6%B6%E0%B7%8F%E0%B6%B6%E0%B7%99%E0%B6%A9%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
බටහිර ඉන්දීය කොදෙව් දිවයින්හි බාබෙඩොස් රාජ්‍යය හෙට (29) ලොව නවතම ජනරජය බවට පත්වනවා.

ඒ සඳහා අගමැතිනි මියා අමෝර් මොටෙලි ගේ ප්‍රධානත්වයෙන් බ්‍රිජ්ටවුන් අගනුවර හෙට පැවැත්වෙන උත්සවයට බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි චාල්ස් කුමරු ද එක්වීමට නියමිතයි.

1966 වසරේදී නිදහස ලැබුව ද, මෙතෙක් එරට රාජ්‍ය නායිකාව වූයේ බ්‍රිතාන්‍ය මහ රැජිණයි.

සංචාරක ව්‍යාපාරය සහ ක්‍රිකට් සඳහා ප්‍රසිද්ධ බාබෙඩොස් දිවයිනෙන් ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස්, ෆ්‍රෑන්ක් වොරල්, වෙස්ලි හෝල්, ගෝඩ්න් ග්‍රිනිච්, ජුවෙල් ගානර් ආදී විශිෂ්ට ක්‍රීඩකයන් රැසක් බිහි වී තිබෙනවා.