පළමු වරට ඔස්ට්‍රෙලියාවෙනුත් ඔමික්‍රොන් හමු වේ

Sunday, 28 November 2021 - 13:15

%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B7%80%E0%B6%BB%E0%B6%A7+%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%94%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94+%E0%B7%80%E0%B7%9A
දකුණු අප්‍රිකාවෙන් මුල්වරට සොයාගැනුණු ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය ආසාදනය වූ දෙදෙනෙකු ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවරින් වාර්තා වී තිබෙනවා.

ඔවුන් දකුණු අප්‍රිකාවේ සිට දෝහා හරහා ඔස්ට්‍රෙලියාවට පැමිණි අයයි.

සිඩ්නි නුවර ඇතුළත් නිව්සවුත් වේල්ස් ප්‍රාන්ත බලධාරීන් සඳහන් කළේ, මෙම ආසාදිතයන්ගේ හදිසි ජානමය පරීක්ෂාවකින් ඔවුන්ට ඔමික්‍රොන් ප්‍රභේදය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බවයි.

ඔවුන් දෙදෙනාම පූර්ණ එන්නනත්කරණය ලැබූවන් බව සඳහන්.

දකුණු අප්‍රිකාවේ සිට පැමිණි තවත් 12 දෙනෙකු එම ගුවන් යානයෙන් ඔස්ට්‍රෙලියාවට පැමිණ ඇති අතර, ඔවුන්ට කොරෝනා ආසාදනය වී නොමැති බව හෙළි වී තිබෙනවා.

එහෙත් ඔවුන් ද නිරෝධායනයට ලක් කළ බවයි ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේ.

එම ගුවන් යානයේ පැමිණි මගීන් සහ කාර්ය මණ්ඩලයේ 260 දෙනෙකුට ද ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.