චීනයේ කොරෝනා අවදානම තවදුරටත්

Sunday, 28 November 2021 - 14:39

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A
සංචාරක තහනම ඇතුලු දැඩි සීමාවන් සහ සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙත් ඉවත් කොට චීනය නැවතත් මුළුමනින්ම විවෘත කළහොත් දෛනිකව කොරෝනා ආසාදිතයන් 630,000ක් වාර්තා විය හැකි බවට බීජිං සරසවිය සිදුකළ අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

එහි ගණිතඥයන් සකස් කළ එම වාර්තාව චීන වසංගත රෝග පාලන හා වැළැක්වීමේ ආයතනයේ සතිපතා ප්‍රකාශනය මගින් එළිදක්වනු ලැබුවා.

වඩාත් කාර්යක්ෂම එන්නත්කරණයක් හෝ විශේෂිත ප්‍රතිකාර ක්‍රමවේදයකින් තොරව චීනයේ සංචාරක තහංචි ඉවත් කිරීම සිදුනොකළ යුතු බවයි එම ගණිතඥයන් පෙන්වාදී ඇත්තේ.

මෙම අධ්‍යයනය සඳහා ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, ස්පාඤ්ඤය, ප්‍රංශය සහ ඊශ්‍රායලයේ මෑතකාලීන කොරෝනා ව්‍යාප්තිය පිළිබඳ දත්ත ද උපයෝගී කරගෙන ඇති බව සඳහන්.