මහවැලි ගඟට වැටුණු මෝටර් රථය සොයා ගැනේ (වීඩියෝ)

Sunday, 28 November 2021 - 15:23

%E0%B6%B8%E0%B7%84%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92+%E0%B6%9C%E0%B6%9F%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
වේගය පාලනය කර ගත නොහැකිව, මහනුවර - ඉලුක්මෝදර ප්‍රදේශයේදී මහවැලි ගඟට පෙරළුණු මෝටර් රථය සොයාගෙන තිබෙනවා. මහනුවර පොලීසිය සහ යුධ හමුදාව එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමේදී අනතුර සිදුවූ ස්ථානය ආසන්නයේ මහවැලි ගඟේ තිබී එය සොයා ගැනුණු බවයි පොලීසිය සඳහන් කළේ.

කෙසේ වෙතත්, අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ සිට අතුරුදන් වූ පුද්ගලයා තවමත් හමුවී නොමැති අතර, ඔහු සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

ඊයේ රාත්‍රී 10.30ට පමණ අදාළ මෝටර් රථය මහවැලි ගඟට පෙරළී තිබූ අතර එහි ගමන් කළ තුන්දෙනෙකුගෙන් දෙදෙනෙකු බේරාගෙන මහනුවර ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

මේ වනවිට ඔවුන් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories