තායිලන්තයේ වඳුරු සැණකෙලිය නැවතත්

Sunday, 28 November 2021 - 15:31

%E0%B6%AD%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B6%B3%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%90%E0%B6%AB%E0%B6%9A%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A
මධ්‍යම තායිලන්තයේ ලොප්බූරි ප්‍රදේශයේ වාර්ෂිකව පැවැත්වෙන වඳුරු සැණකෙලිය දැන් ක්‍රියාත්මකයි.

ගෝලීය වසංගතය හේතුවෙන් පසුගිය වසර දෙකේදී එය පැවැත්වීමට හැකි වූයේ නැහැ.

මැකාක් ලෙස හැදින්වෙන දිගු වලිගයක් සහිත වඳුරු විශේෂයක් මෙම ප්‍රදේශයේ වාසය කරන අතර අද සැණකෙළිය සඳහා සිය දහස් ගණන් වඳුරන් පැමිණ ඇති ඇති බව සඳහන්.

සැණකෙළිය පැවැත්වෙන්නේ වඳුරන්ට විවිධාකාරයේ පළතුරු පිරිනමමින්.

ඒ සඳහා සංචාරකයන් විශාල පිරිසක් පැමිණ සිටි බව ද විදෙස් වාර්තා සඳහන් කළා.

අද වඳුරු සැණකෙලියේ විශේෂ පළතුර වූයේ දූරියන් මිලෙන් අධික වුවත් සංචාරකයන් ඒවා මිලදී ගෙන වඳුරන්ට පිරිනැමූ බව වාර්තා වුණා.

මෙවර සැණකෙලියෙන් උපයන මුදලින් ආබාධිත පුද්ගලයන්ට රෝද පුටු පිරිනැමීමට සංවිධායකයන් අදහස් කරනවා.

ගෝලීය වසංගතයෙන් පසු සංචාරකයන් සඳහා මුලින්ම විවෘත වූ රටක් වන තායිලන්තයට නොවැම්බරයේදී ලක්ෂයකට අධික විදෙස් සංචාරකයන් පැමිණ තිබෙනවා.