ණය පැහැර හැරීම හේතුවෙන් චීනය උගන්ඩාවේ ගුවන් තොටුපළක් පවරා ගනියි

Sunday, 28 November 2021 - 17:44

%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA+%E0%B6%8B%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%85%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%80%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%92
චීනයේ එක්සිම් China’s Export-Import (EXIM) බැංකුවෙන් 2% පොළිය යටතේ ලබාගත් ඇමරිකානු ඩොලර් මිලියන 207ක ණය මුදල ගෙවා ගැනීමට අපොහොසත් වීමෙන් උගන්ඩාව සතුවූ එකම ජාත්‍යාන්තර ගුවන්තොටුපළ වූ සුප්‍රසිද්ධ “එන්ටැඹේ ජාත්‍යාන්තර ගුවන් තොටුපළ“ පසුගියදා චීනයට සින්න වී තිබෙනවා.

මෙම ණය මුදල උගන්ඩාව ලබාගෙන ඇත්තේ මෙම ගුවන්තොටුපළ තව දුරටත් පුළුල් කිරීම සඳහායි.

1976 වසරේදී ප්‍රංශ ගුවන් යානාවක් පැහැරගැනීම හා එම ප්‍රාණ ඇපකරුවන් පිරිස මුදාගැනීම සම්බන්ධව ලොව පුරා ප්‍රකට වූ “ඔපරේෂන් තන්ඩර්බෝල්ට්“ මෙහෙයුම ක්‍රියාත්මක වූවේද පැරණි එන්ටැඹේ ගුවන් තොටුපළේදීයී.

එවකට උගන්ඩාවේ පාලක වූවේ ඒකාධිපති මිනීමරු ඉඩි අමීන් ය.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories