මේ වසරේ තුන්වන වරටත් පාන් මිල ඉහළට - තවත් මිල වැඩිවීමක් අවශ්‍ය බව සමාගම් කියයි(වීඩියෝ)

Sunday, 28 November 2021 - 19:06

%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7+-+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B6%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29

මසක් තුළදී තිරිඟු පිටි මිල රුපියල් 28කින් ඉහළ දමා ඇති බවත්, එය තම ක්ෂේත්‍රයට දරාගත නොහැකි බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ හේතුවෙන් පාන් ගෙඩියක මිල ද රුපියල් 10කින් ඉහළ දැමූ බවයි එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන සඳහන් කළේ.
 
මේ වසර තුළ දී පමණක් අවස්ථා 3කදී පාන් ගෙඩියක මිල ඉහළ දමා ඇති බව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියා.

වෙළඳපොළේ මේ වන විට තිරිඟු පිටි හිඟයක් ද පවතින අතර එවන් පසුබිමකයි ඊයේ සිට පිටකොටුවේ වෙළදුන් රුපියල් 17කින් තිරිඟු පිටි කිලෝවක් මිල ඉහළ දැමීමට තීරණය කළේ.

කෙසේ වෙතත්, මෙලෙස තිරිඟු පිටි මිල ඉහළ දැමීමත් සමඟ හෙට සිට කොත්තුවක මිල රුපියල් 10කින් සහ රෝල්ස්, බිත්තර රොටී, පරාටා ආදිය රුපියල් 5කින්ද ඉහළ දමන බවයි ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.

කෙසේ වෙතත් බේකරි හිමියන් සහ වෙළදුන් කියා සිටියේ මිල වැඩි කළ ද තිරිඟු පිටි වෙළදපළේ හිඟ වී ඇති බැවින් තම නිෂ්පාදන සඳහා එය බාධාවක් වී ඇති බවයි.

මේ අතර, පිටි සමාගම් සඳහන් කළේ මේ මොහොතේ අනිවාර්යෙන් මිල ඉහළ දැමීමකට යා යුතු බැවින් එය හෙට ප්‍රකාශයට පත් කරන බවයි.
 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories