ඔමික්‍රොන් රටවල් 12කින් හිස ඔසවයි

Monday, 29 November 2021 - 8:10

%E0%B6%94%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+12%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B7%83+%E0%B6%94%E0%B7%83%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ඔමික්‍රොන් නව ප්‍රභේදය මේ වන විට රටවල් 12කින් හඳුනාගෙන තිබෙනවා.

ඒ දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, බි්‍රතාන්‍ය, ජර්මනිය, නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, ඕස්ටේ්‍රලියාව, හොංකොං, ඊශ්‍රායලය, ඉතාලිය, කැනඩාව හා ප්‍රංශය යන රටවල්වලින්.

නව ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමඟ දකුණු අප්‍රිකාවට රටවල් රැසක් සංචාරක තහනම් පනවනු ලැබුවා.

කෙසේ වෙතත් දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා එම තහනම හෙළා දැක ඇති අතර, විද්‍යාත්මක පදනමකින් තොරව පැනවූ එම තහනම් ඉවත් කරන ලෙසයි ඉල්ලා සිටින්නේ.

මේ අතර ඊයේ (28) මෙරටින් නව ආසාදිතයන් 742කු හඳුනාගැනීමත් සමග සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව පන්ලක්ෂ 62,520ක් දක්වා ඉහළ ගියා.

ඒ අනුව මෙරට සක්‍රිය ආසාදිතයන් සංඛ්‍යාව 18,553ක්.

නව මරණ 27ක් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 14,305ක් ලෙසයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories