වසර දෙකකට පසු සිංගප්පූරුව සහ මැලේසියා අතර දේශසීමා විවෘත වෙයි

Monday, 29 November 2021 - 9:32

%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%94%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%90%E0%B6%BD%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පූර්ණ එන්නත්කරණයට ලක් වූ සංචාරක‍යින්ට සිංගප්පූරුව සහ මැලේසියාව අතර දේශසීමා අද සිට යළි විවෘත කර තිබෙනවා.

කොරෝනා වසංගතයේ ව්‍යාප්තියත් සමඟ එම දේශසීමාවන් වසා දැමුණේ පසුගිය 2020 වසරේ මාර්තු මාසයේයි.

ලොව කාර්යබහුලතම දේශ සීමා ගමනාන්ත දෙකක් වන සිංගප්පූරුව හා මැලේසියාව අතර දෛනිකව මැලේසියානුවන් ලක්ෂ 3ක් පමණ සංචරණයේ යෙදුණු බවයි විදෙස්  වාර්තා සඳහන් කළේ.

දේශසීමා යළි විවෘත කිරීම නිල වශයෙන් සනිටුහන් කරමින් මැලේසියානු අග්‍රාමාත්‍ය ඉස්මායිල් සබ්රි යාකෝබ් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් නව මාර්ගෝපදේශ යටතේ එක් පාර්ශවයකින් පැමිණිය හැක්කේ, සංචාරකයන් 1,440කට පමණක් වන අතර, ඔවුන්ට පුරවැසිභාවය, නේවාසික වීසා හෝ දිගුකාලීන වීසා බලපත්‍ර ඇත්නම් නිරෝධායනයකින් තොරව සිංගප්පූරුවට ඇතුළු වීමට අවසර ලබා දී තිබෙනවා.