ක්‍රීඩා ඇමති නාමල් කලකට පසු රග්බි පිටියට (ඡායාරූප)

Monday, 29 November 2021 - 11:37

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%BB%E0%B6%9C%E0%B7%8A%E0%B6%B6%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස අභියෝග කුසලානය වෙනුවෙන් ඊයේ කොළඹ හැව්ලොක් පිටියෙදි පැවති රග්බි තරගයක් සඳහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ද එක්ව සිටියා.

මේ තරගය පැවැත් වුණේ, ශ්‍රී ලංකා නීතිඥවරුන්ගේ රග්බි කණ්ඩායම සහ ශ්‍රී ලංකා නීති විද්‍යාල රග්බි කණ්ඩායම අතර‍යි.

කලක් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නායකත්වය ද දැරු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මේ තරගයට එක්ව සිටියේ, ශ්‍රී ලංකා නීතිඥවරුන්ගේ රග්බි කණ්ඩායම නියෝජනය කරමින්.

මෙහිදී ශ්‍රී ලංකා නීතිඥ කණ්ඩායම වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කර ගත් ක්‍රීඩා අමාත්‍යවරයා තරගය නිමා වන විට උත්සාහක දිනුම් දෙකක් ඔහුගේ නම ඉදිරියේ සටහන් කර
ගෙන තිබුණා.

මේ තරගයේ දී ශ්‍රී ලංකා නීති විද්‍යාල කණ්ඩායම ලකුණු 32ට 15ක් ලෙසින් පරාජය කළ ශ්‍රී ලංකා නීතිඥවරුන්ගේ රග්බි කණ්ඩායම පළමු වරට සංවිධානය කරනු ලැබූ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස අභියෝග ශූරතාවය දිනා ගන්නට සමත් වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories