ඔමික්‍රොන් ලොව පුරා පැතිරේ - දැඩි ප්‍රතිවිපාක ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවයි

Monday, 29 November 2021 - 19:15

%E0%B6%94%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%9A+-+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ඔමික්‍රොන් කොරෝනා වෛරස් ප්‍රභේදය ජාත්‍යන්තර වශයෙන් ව්‍යාප්ත වෙමින් කොරෝනා වසංගතය උත්සන්න කිරීමේ ඉහළ අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා.

ඔමික්‍රොන් ප්‍රභේදය ලොව ඇතැම් ප්‍රදේශවලට දැඩි ප්‍රතිවිපාක ඇති කිරීමට ඉඩ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා.

මේ නිසා විශේෂයෙන් ප්‍රමුඛතා කණ්ඩායම් ඉලක්ක කරගෙන එන්නත්කරණ වැඩසටහන් වේගවත් කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය එහි සාමාජික රටවල් 194න් ඉල්ලා සිටියා.

එහිදී අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවාවන් පවත්වා ගැනීමේ සැලසුම් සකස් කළ යුතු බවයි එමගින් වැඩිදුරටත් කියා සිටියේ.

ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදයේ අසාමාන්‍ය ලෙස ආසාදනය උත්සන්න කරන විකෘතිතා පැවතීම ගෝලීය වසංගතය ඉහළ නැංවීමට හේතු විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා.

ඒ අනුව නව ප්‍රභේදයේ සමස්ත ගෝලීය අවදානම ඉතා ඉහළ මට්ටමක පවතින බව එහි නිගමනයයි.

කෙසේ නමුත් ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය එන්නත්කරණ ප්‍රතිශක්තිය මග හැරීම පිළිබද අධ්‍යයනය කිරීමට තවත් කාලය අවශ්‍යයි.

ඉදිරි සති කිහිපය තුළ එම දත්ත ලැබෙනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අපේක්ෂා පළ කළා.

ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය එන්නත්කරණය ලැබූ පුද්ගලයින්ට ආසාදනය වීමේ හැකියාව පිළිබදවයි මෙහිදී විශේෂ අවධානය යොමු වන්නේ.

මේ අතර, ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදයේ අවදානම හේතුවෙන් ජාත්‍යන්තර ශිෂ්‍ය ප්‍රජාව සහ වීසා බලපත් හිමියන් සඳහා ලබන 1 වන දා සිට සිය දේශසීමා විවෘත කිරීමේ සැලසුම් ඕස්ටේ්‍රලියාව විසින් දෙසැම්බර් 15 වන දා දක්වා කල් දමනු ලැබුවා.

දකුණු අප්‍රිකාවෙන් මුල්වරට සොයා ගැනුණු ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය මේ වන විට ලොව රටවල් 13කට ව්‍යාප්ත වී ඇති බව තහවුරු වී තිබෙනවා.

මේ අතර, නව විද්‍යාත්මක දත්ත සම්බන්ධයෙන් අධ්‍යයනය කරන බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස් රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය නදීක ජානගේ අද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියා.

එම මාධ්‍ය හමුවට එක්වූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියේ මෙරට තුළ එම ප්‍රභේදය ඇති බවට සහතික විය නොහැකි බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories