පාස්කු පෙත්සමක් ගැන හිටපු ජනපතිගේ ඉල්ලීමක් ගැන අධිකරණයේ නියෝගය ජනවාරි 07

Tuesday, 30 November 2021 - 19:25

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%92+07
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනුකර තිබෙන පෙත්සම් 128 ක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගොනුකර ඇති ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන වසරේ ජනවාරි මස 7 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ දිසා විනිසුරු චතුරිකා ද සිල්වා ප්‍රකාශ කළා.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන්, සදාකාලකිකව ආබාධිතවූවන් සහ තුවාල ලැබූවන් තමන්ට වන්දි අයකර දෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ගොනුකර තිබෙනවා.

මෙහිදී හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා කියා සිටියේ, මීට පෙර ත්‍රස්ත ප්‍රහාර සිදුව ඇති බැවින් පාස්කු ප්‍රහාරයට නඩු පවරන්නේ නම් අදාළ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරුන්ට ද නඩු පැවරිය යුතු බවයි.

කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විත්තිකරුවන්ට කලින්ම තොරතුරු ලැබී තිබූ බැවින් මෙලෙස නඩු පැවරිය හැකි බව අගතියට පත්වූවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෂමිල් පෙරේරා සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories