මාතර - වැලිගම නිවසක ගින්නකින් දැරියක් මරුට (වීඩියෝ)

Wednesday, 01 December 2021 - 6:48

%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BB+-+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
මාතර - වැලිගම - වල්ලිවල ප්‍රදේශයේ නිවසක ඊයේ රාත්‍රියේ ඇති වූ ගින්නකින් වයස අවුරුදු 8ක දැරියක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

ගින්නෙන් නිවසෙහි සිටි දැරියගේ මිත්තණිය සහ වැඩිමහල් සොහොයුරිය ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන රෝහල්ගත කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ගින්න ඇති වන අවස්ථාවේදී නිවසේ දෙමව්පියන් සිට නොමැති බවයි වාර්තා වන්නේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

මේ අතර, කළුතර - පයාගල - පාලයන්ගොඩ ප්‍රදේශයේ ගොඩනැගිලි ඉදිකිරීම් ද්‍රව්‍ය අලෙවි කරන වෙළදසලක ඊයේ ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්නෙන් වෙළෙදසලේ හිමිකරුට සුළු තුවාල සිදුව ඇති අතර එය ගෑස් කාන්දුවකින් සිදු වූවක් නොවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

එමෙන්ම, හලාවත - වෙන්නප්පුව - නයිනමඩම ප්‍රදේශයේ පවත්වාගෙන යන වායු සමීකරණ අලුත්වැඩියා කරන ස්ථානයක ඇතිවූ කිසියම් පිපිරීමකින් එහි සේවකයන් දෙදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා මීගමුව මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව ඇත්තේ මෝටර්  රථ සඳහා යොදන වායු සමීකරණ යන්ත්‍රයක් අලුත්වැඩියා කරමින් සිටි අවස්ථාවේදියි.

වායුසමීකරණ කටයුතු සඳහා යොදාගන්නා නයිට්‍රජන් අඩංගු ටැංකියකට සවිකර තිබූ බටයක් පුපුරා ගොස් ඇති බවට දැනට සිදුකරන ලද පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී තිබෙනවා.