ලංවිම ප්‍රධාන කාර්යාලයේ නොසන්සුන්කාරී තත්ත්වයක්

Wednesday, 01 December 2021 - 11:13

%E0%B6%BD%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
යුගදනවි බලාගාරයේ රජය සතු සියයට 40ක කොටස් ඇමරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගමට පැවරීමට ගෙන ඇති තීරණයට එරෙහිව කටයුතු කළ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් දෙදෙනෙකු අනිවාර්ය නිවාඩු යවා ඇති බවට විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය චෝදනා කරනවා.

සම්ප්‍රේෂණ අංශයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරයෙකු සහ තවත් නිළධාරියෙකු සභාපතිවරයා විසින් ඊයේ සිට අනිවාර්ය නිවාඩු යවා ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඊට විරෝධය පළ කරමින් අද උදෑසන විදුලි ඉංජිනේරු සංගමයේ නියෝජිතයින් විදුලිබල මණ්ඩලයේ මූලස්ථානයට පැමිණ තිබෙනවා.

පසුව ඔවුන් විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා හමුවට ගොස් මෙම සිද්ධිය සමඟ සාකච්ජා කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඉංජිනේරු සංගමයේ නිළධාරීන් සාමාන්‍යාධිකාරිවරයා රැදී සිටින කාමරය වටලා ඇති බව හිරු වාර්තාකරු සඳහන් කළා.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ නියෝජිත චරිත ජයනාත් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ සභාපතිවරයා විසින් ගෙන ඇති මෙම තීරණයට තම සංගමය දැඩි විරෝධය පළ කරන බවයි.