කොටි වළ දැමූ රත්‍රං ගොඩ ගැනීමට ගිය ඇමති ලේකම්වරුන් දෙදෙනෙකු ගැන විමර්ශන (වීඩියෝ)

Wednesday, 01 December 2021 - 19:13

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92+%E0%B7%80%E0%B7%85+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%96+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
යුද සමයේදී එල්.ටී.ටී.ඊ ය විසින් මුලතිව්, පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ වලදමා ඇති බව කියන රත්‍රං තොගයක් රහසිගතව ගොඩගැනීමට තැත් කළ කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අයත් ලේකම්වරුන් දෙදෙනෙකු පිළිබඳව පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඔවුන් මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ සහ ධීවර අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලයට අයත් ලේකම්වරුන් දෙදෙනෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.

මේ අතර, මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර අමාත්‍යවරයා සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධ බව කියැවෙන සිය සම්බන්ධීකරණ ලේකම්වරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බවයි.

එමෙන්ම, එම වාර්තා හා සිද්ධීන් සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් සිදු කරන ලෙස ද අමාත්‍යවරයා අදාළ අංශ වෙත ඉල්ලීමක් කර තිබෙනවා.

යුද සමයේදී එල්.ටී.ටී.ඊ ය මගින් පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ වළ දමා ඇතැයි කියන රත්‍රං තොගයක් අධිකරණ නියෝග අනුව පසුගිය මස 25 වනදා ගොඩගැනීමට නියමිතව තිබුණා.

නමුත් පසුගිය දින කිහිපයක් පුරා අදාළ ප්‍රදේශයේ මහවිරු සැමරුම්වලට අදාළ තත්ත්වයන් නිසා කැණීම් කටයුතු හෙට (02) දිනය දක්වා කල් දමා එම ප්‍රදේශයට පොලිස් ආරක්ෂාව යොදවා තිබූ බව සඳහන්.

ඒ අතරතුර පසුගිය 23 වනදා පෙරවරුවේ මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙසින් හැඳින්වෙන පුද්ගලයෙකු හා ධීවර අමාත්‍යවරයාගේ ලේකම්වරයෙකු ලෙස හැඳින්වෙන පුද්ගලයෙකු පුදුකුඩුඉරිප්පු පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලබා දී තිබෙනවා.

එහිදී ඔහු පවසා ඇත්තේ “අපි ඔය පැත්තෙ එනවා. ආවට පස්සෙ හමුවෙමු” යනුවෙන්.

අනතුරුව, පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිල නිවසට අදාළ දිනයේදී ඔවුන් ගොස් සඳහන් කර ඇත්තේ, තමන් සැලසුම් කළ කැණිම් කටයුත්තක් සඳහා අධිකරණ නියෝගයක් ලබාගෙන ඇති බැවින් නොවැම්බර් 25ට පෙර එය කිරීමට සහය වන ලෙසයි.

කෙසේ වෙතත්, පසුව පුදුකුඩුඉරිප්පු පොලිස් ස්ථානාපතිවරයා විසින් මෙම තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුවත් කර තිබුණා.

මේ අතර, සිදුවීම සම්බන්ධයෙන් උතුර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාර විසින් පොලිස්පතිවරයාට සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයාට වාර්තාවක් ද යොමුකර තිබෙනවා.