මෙරට මුදල් ඇමති සහ ඉන්දීය මුදල් ඇමති අතර හමුවක්

Wednesday, 01 December 2021 - 21:41

%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ඉන්දියාවේ දෙදින නිල සංචාරයකට එක්ව සිටින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ නවදිල්ලි නුවර දී අද (01) ඉන්දීය මුදල් අමාත්‍ය එස්. නිර්මලා සිතරාමන් හමුවුණා.

එහිදී දෙරටේ ආර්ථික සහයෝගිතාව වර්ධනයට අදාළ කරුණු රැසක් සම්බන්ධයෙන් දෙරටේ මුදල් අමාත්‍යවරුන් සාකච්ඡා කර තිබෙනවා.

ඉන්දීය ආර්ථික වැඩසටහන් හරහා ශ්‍රී ලංකාවට ලබාදී ඇති සහයෝගය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා මෙහිදී ඉන්දියාවට සිය ස්තුතිය පළ කළා.

හෙට (02) දිනයේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීමට නියමිතයි.