ඔමික්‍රොන් නිසා දකුණු අප්‍රිකාවේ කොරෝනා ව්‍යාප්තිය ඉහළට

Friday, 03 December 2021 - 8:49

%E0%B6%94%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ඔමික්‍රොන් නව කොරෝනා ප්‍රභේදය හේතුවෙන් දකුණු අප්‍රිකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

අවසන් වරට වාර්තා වූ දෛනික ආසාදිත සංඛ්‍යාව 11,500ක් වන අතර, පෙර දිනයේ වාර්තා වී ඇත්තේ, ආසාදිතයන් 8,500ක්.

පසුගිය මාසය මැද භාගයේ දකුණු අප්‍රිකාවේ දෛනික කොරෝනා ආසාදිත සංඛ්‍යාව 200ත් 300ත් අතර සංඛ්‍යාවක පැවතුණා.

විකෘතිතා විශාල සංඛ්‍යාවක් සහිත ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය ලොව රටවල් 24කින් වාර්තාවන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ.

මේ අතර ඉන්දියාවෙන් වාර්තා වූ ඔමික්‍රොන් ආසාදිතයන් දෙදෙනා අතුරින් එක් අයෙකු බෙංගලූරු නගරයේ වෛද්‍යවරයෙකු බව අනාවරණ වී තිබෙනවා.

46 හැවිරිදි ඔහු පූර්ණ එන්නත්කරණය ලැබූවෙක් වන අතර, විදෙස් සංචාරයන්හිදී ද නිරත වී නැහැ.

ඔහුගේ සමීප ආශ්‍රිතයන් 13 දෙනෙකු සහ දෙවන පෙළ ආශ්‍රිතයන් 250 දෙනෙකු පමණ කර්ණාටක ප්‍රාන්ත රජයේ සෞඛ්‍ය බලධාරීන් පරීක්ෂාවට ලක් කළ අතර, ඉන් පස්දෙනෙකුට කොරෝනා ආසාදිත බව ඊයේ සොයා ගැනුණා.

ඉන්දියාවෙන් සොයාගැනුණු අනෙක් ආසාදිතයා කොරෝනා ආසාදනය නො වූ බවට සහතිකයක් සහිතව ඉන්දියාවට පැමිණි 66 හැවිරිදි දකුණු අප්‍රිකානුවෙක්.

ඔහු ද කොරෝනා එන්නත් මාත්‍රා දෙක ම ලබා ඇති අතර, ඉන්දියාවට පැමිණීමේදී සිදු කළ පරීක්ෂාවෙන් කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගැනුණා.