දෙවන ටෙස්ට් තරගයේ පස්වන දිනය අද

Friday, 03 December 2021 - 8:54

%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පස්වන දිනය අදයි.

ඊයේ හතරවන දිනය නිමාවනවිට දෙවන ඉනිමේ පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා පිල කඩුලු 8ක් දැවී ලකුණු 328ක් ලබා සිටියා.

ධනංජය ද සිල්වා එහිදී නො දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 153ක්.

ඔහු සහ ලකුණු 25 ක් ලබා සිටින ලසිත් ඇඹුල්දෙණිය අතර නොදැවුණු 9වන කඩුල්ල සඳහා මේ වනවිට වාර්තාගත ලකුණු 109ක් සටහන් වී තිබෙනවා.

ශ්‍රී ලංකාව මේ වනවිට කොදෙව් පිලට වඩා ඉදිරියෙන් සිටින ලකුණු සංඛ්‍යාව 279ක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories