කොරෝනා ආසාදිතයින් 508ක් වාර්තා වේ

Friday, 03 December 2021 - 18:43

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+508%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B7%80%E0%B7%9A
කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 508 දෙනෙකු අද (03) දිනයේදිත් හඳුනාගෙන තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ, එම වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව සමග මෙරට මෙතෙක් හමු වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 565,979ක් දක්වා ඉහළ යන බවයි.

මේ අතර වෛරසය ආසාදනය වීමෙන් තවදුරටත් රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 10,024ක්.

සිදුව ඇති මරණ සංඛ්‍යාව 14,419ක් වන අතර, වෛරසය ආසාදනය වීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 541,536ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories