පස්වන ඉන්දියානු සාගර සමුළුවට සහභාගි වීමට ජනපති දිවයිනෙන් පිටත්ව යයි

Friday, 03 December 2021 - 20:13

%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B7%8F%E0%B6%9C%E0%B6%BB+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B7%92+%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි පැවැත්වෙන පස්වන ඉන්දියානු සාගර සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (03) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සාමාන්‍ය මගී පර්යන්තය වෙත පැමිණි ජනාධිපතිවරයා එහි සිටි ගුවන් මගීන් සමග කතාබහක ද නිරත වුණා.

ඉන්දියානු සාගරය ආශ්‍රිත රාජ්‍යවල සහ එම සාගරය බහුලව භාවිතා කරන සෙසු රටවලට බලපාන පොදු අභිලාෂ හා ගැටලුවලට අදාළ කරුණු සාකච්ඡා කිරීමේ අරමුණින් 2016 වසරේදී “ඉන්දියානු සාගර සමුළුව” ආරම්භ කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මෙහි සිව්වන සමුළුව 2019 වසරේ දී මාලදිවයිනේදී පැවැති අතර, එහිදී “ඉන්දියානු සාගර කලාපයේ සුරක්ෂිතතාව හා සම්ප්‍රදායික නොවන අභියෝග” පිළිබඳ පුළුල් සංවාදයට ද ලක් වුණා.

“පරිසරය, ආර්ථිකය, වසංගතය” යන්න තේමා කර ගනිමින් පස්වන සමුළුව හෙට (04) සහ අනිද්දා (05) දෙදින තුළ අබුඩාබිහි දී පැවැත්වෙන අතර, මෙවර සමුළුවේ සමාරම්භක දේශනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සිදු කිරීමට නියමිතයි.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන පිරිස් ජනාධිපතිවරයා සමග මෙම සංචාරයට එක්ව සිටිනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories