ඇමරිකාව බීජිං ඔලිම්පික් උළෙල රාජ්‍ය තාන්ත්‍රික ව වර්ජනය කරයි

Tuesday, 07 December 2021 - 8:56

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B6%E0%B7%93%E0%B6%A2%E0%B7%92%E0%B6%82+%E0%B6%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%8B%E0%B7%85%E0%B7%99%E0%B6%BD+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A+%E0%B7%80+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
චීනයේ බීජිං නුවර ලබන වසරේ පැවැත්වීමට නියමිත ශීත ඍතු ඔලිම්පික් උළෙල රාජ්‍ය තාන්ත්‍රික ලෙස වර්ජනය කිරීමට ඇමරිකා එක්සත් ජනපදය තීරණය කර තිබෙනවා.

ධවල මන්දිරය නිවේදනය කළේ, චීනයේ දුර්වල මානව හිමිකම් තත්ත්වය සැලකිල්ලට ගෙන එම තීරණයට එළඹි බවයි.

මේ නිසා ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත කණ්ඩායමක් බීජිං ඔලිම්පික් උළෙල සඳහා සහභාගි නොවනු ඇති.

කෙසේ නමුත් ශීත ඍතු ඔලිම්පික් උළෙල සඳහා පුහුණුව ලැබූ ඇමරිකානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඒ සඳහා සහභාගි විය හැකි බවයි ධවල මන්දිර ප්‍රකාශිකාව වැඩිදුරටත් සදහන් කළේ.

නිරවි යුද සමයේ 1980 වසරේ මොස්කව් ඔලිම්පික් උළෙල ඇෆ්ගනිස්ථානයේ රුසියානු ආක්‍රමණයට විරෝධය දක්වමින් ඇමරිකාව වර්ජනය කළ අතර පසුව 1984 ලොස් ඇන්ජලිස් ගිම්හාන ඔලිම්පික් උළෙල රුසියානුවන් වර්ජනය කළා.