General08 December 2021

උඩරට මැණිකේට බිලි වූ එකම පවුලේ තිදෙනා (ඡායාරූප සහ වීඩියෝ)

බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රියේ ගැටී එකම පවුලේ සාමාජිකයින් තිදෙනකු ජීවිතක්ෂයට පත් වී ඇති බව වටවල පොලිසිය පවසනවා.

අද (08) දින පෙරවරු 11.45ට පමණ මෙම තිදෙනා දුම්රියේ ගැටී ඇත්තේ රොසැල්ල සහ වටවල දුම්රිය ස්ථාන අතර 103 සැතපුම් කණුව අසල දී යි.

මෙලෙස දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත් ව ඇත්තේ, පියා , මව සහ පුතු බවට හඳුනාගෙන ඇති අතර, ඔවුන් මස්කෙළිය - සාමිමලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටයි හඳුනාගෙන ඇත්තේ.

දුම්රියේ ගැටී මියගිය වැඩිමහල් පිරිමි පුද්ගලයා ශාන්ත කුමාර් රාජ් (40) නමැති අයෙකු බව ද ඔහුගේ ජාතික හැදුනුම්පතෙන්
මේ වනවිට තහවුරු කරගෙන තිබෙනවා.

උඩරට මැණිකේ දුම්රිය රොසැල්ල දුම්රිය ස්ථානයට ළගා වීමට ප්‍රථම එම තිදෙනා රොසැල්ල දුම්රිය ස්ථානයේ සේවකයින්ගෙන් දුම්රිය ධාවනය වන වේලාවන් අසා රොසැල්ල දුම්රිය ස්ථානයේ සිට වටවල දුම්රිය ස්ථානය දෙසට ඔවුන් ගමන් කළ බව රොසැල්ල දුම්රිය ස්ථානයේ සේවකයෙකු පොලීසියට සඳහන් කර තිබෙනවා.

මෙම තිදෙනා දුම්රියට පැන සිය දිවි හානි කර ගත්තා ද නැතහොත් දුම්රියේ ගැටි ජීවිතක්ෂයට පත් වුවා ද යන්න පිළිබඳ ව පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ මේ වනවිටත් පරික්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත් තිදෙනාගේ සිරුරු එම දුම්රියෙන්ම නාවලපිටිය දුම්රිය ස්ථානය වෙත රැගෙන ගොස් භාරදීමට එම දුම්රියේ ආරක්ෂක අංශ නිලධාරින් පියවර ගෙන තිබෙනවා.





















Related Recomands
Hiru TV News | Programmes