කිලිනොච්චියේ පතුරම් හමුවූ ඉඩමෙන් ටී.56 උණ්ඩ 187,559ක් සොයාගැනේ - කැණීම් කටයුතු අවසන් (ඡායාරූප)

Thursday, 16 December 2021 - 20:16

%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%9C%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%89%E0%B6%A9%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A7%E0%B7%93.56+%E0%B6%8B%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+187%2C559%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A+-+%E0%B6%9A%E0%B7%90%E0%B6%AB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කිලිනොච්චිය කෝරක්කන්කටු ප්‍රදේශයේ ඉඩමකින් හමුවූ පතුරම් ප්‍රමාණ්‍ය 187,559ක් බව කිලිනොච්චිය පොලිසිය පවසනවා.

එම ප්‍රදේශයේ ගෙවත්තක ඉදිකිරීමක් වෙනුවෙන් වළක් කැපීමේදී පතුරම් පෙට්ටි දෙකක් තිබී හමුවූයේ පසුගිය 13 වැනිදායි.

අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිශ්ක්‍රිය අංශය ඊයේ (15) සහ අද (16) දිනවල සිදුකළ කැණීම්වලින් මෙම පතුරම් තොගය සොයාගෙන තිබෙනවා.

පතුරම් බහාලන පෙට්ටියක් තුළ ටී.56 පතුරම් 750 බැගින් පවතින අතර එවැනි පෙට්ටි 145ක් තුල ටි 56 පතුරම් 108750ක තොගයක් පැවති බවයි අනාවරණ වී ඇත්තේ.

අදාළ වල තුල බහාලුම් නොමැතිව තිබූ තවත් ටී. 56 පතුරම් 78809ක් සොයාගත් බව ද පොලිසිය සඳහන් කළා.

එමෙන්ම එහි තිබී එම්.පී.එම්.ජී පතුරම් 2400ක් එම්.16 පතුරම් 800ක් ද හමුවී තිබෙනවා.

යුද්ධය පැවති සමයේ එල්. ටී. ටී. ඊ සංවිධානය විසින් යළි ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින් සඟවා ගිය පතුරම් තොගයක් මෙලෙස හමුවන්නට ඇති බවටයි ආරක්ෂක අංශ සැක පළකරන්නේ.

යුද සමයේ එම ස්ථානය අවි ගබඩාවක් වශයෙන් පවත්වාගෙන යන්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර කැණීම් කටයුතු අද අවසන් කර තිබෙනවා.

කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝග යටතේ විශේෂ කාර්ය බලකා බෝම්බ නිශ්ක්‍රිය අංශය විසින් අදාළ පතුරම් තොගය විනාශ කිරීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories