දිනේෂ්ගේ කනට කර විමල් කිව්වේ මොකක් ද ? (ඡායාරූප)

Wednesday, 05 January 2022 - 14:34

%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9A%E0%B6%B1%E0%B6%A7+%E0%B6%9A%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B7%9C%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF+%3F+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
රට මුහුණ පා ඇති අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩ ගැනීම සඳහා විරුද්ධ පක්ෂයේ සිටින උදවිය පවා එකතු කරගත යුතු මොහොතක තමන් සමඟ සිටින ජනතා අය අහිමි කර නො ගත යුතු බව අමාත්‍ය විමල් වීරවංශය පවසනවා.

අමාත්‍යවරයා පවසන්නේ, රට මුහුණ දී ඇති අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා සියලු පාර්ශ්ව සමඟ ජාතික සම්මුතියක් ඇති කර ගෙන පුළුල් එකමුතුවකින් කටයුතු කළ යුතු සමය එළඹ ඇති බවයි.

මේ වනවිට රට මුහුණ පා ඇති තත්ත්වය එක් අමාත්‍යවරයෙකුගේ හෝ දෙදෙනකුගේ අසමත්කමක් ලෙස ලඝු කොට නො ගන්නා ලෙසත් රටේ තත්ත්වය ඊට වඩා පුළුල් ලෙස ගෙන විග්‍රහ කළ යුතු බවත් අමාත්‍යවරයා මෙහි දී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ කියා සිටියා.

එමෙන්ම ඔහු වැඩිදුරටත් කියා සිටියේ, සුසිල් ප්‍රේම් ජයන්ත් රාජ්‍ය අමාත්‍යවරයා එම තනතුරෙන් නෙරපා හැරීමට පෙර ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩල රැස්වීමේ දී යම් යම් දේ සාකච්ඡා වූ බවයි.

කර්මාන්ත අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, මාලබේ පිරිමි විද්‍යාලයේ තාක්ෂණ පීඨ විද්‍යා තෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීමේ වැඩකටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

මෙම අවස්ථාවට, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ද එක්ව සිටියා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ තාක්ෂණ අධ්‍යාපන සංවර්ධන වැඩසටහන් යටතේ, ඉදිකෙරෙන මෙම තෙමහල් ගොඩනැගිල්ල ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 53ක් ද, අධ්‍යාපන කටයුතු සඳහා වන තාක්ෂණ උපකරණ සඳහා රුපියල් මිලියන 35ක් ද වැය කිරීමට නියමිත යි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories