කෆීර් ප්‍රහාරක ජෙට් බලඝණය සිය 26 වන සංවත්සරය සමරයි (ඡායාරූප සහ වීඩියෝ)

Wednesday, 05 January 2022 - 14:58

%E0%B6%9A%E0%B7%86%E0%B7%93%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%A2%E0%B7%99%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%9D%E0%B6%AB%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B6%BA+26+%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%BB%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ශ්‍රී ලංකා ගුවන් හමුදා අංක 10 කෆීර් ජෙට් යානා බලඝණය අද (05) දින සිය 26 වෙනි සංවත්සරය ඉතා අභිමානවත් අයුරින් සමරනු ලබනවා.

වැලි කතරේ සිංහ පෝතකයා" නමින් විරුදාවලිය ලත් කෆීර් ප්‍රහාරක ජෙට් යානාවන්ගෙන් සමන්විත වූ අංක 10 බලඝණය 1996 වසරේ ජනවාරි මස 05 වන දින ඊශ්‍රායලයේ නිෂ්පාදිත කෆීර් ප්‍රහාරක ජෙට් යානාවන් 06 කින් සහ වත්මන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහාතා ද ඇතුළුව ගුවන් නියමුවන් 04 දෙනෙකු, ඉංජිනේරු නිලධාරින් 04 දෙනෙකු හා කාර්මික ශිල්පීන් 70 දෙනෙකු සහිත කාර්ය මණඩලයකින් ආරම්භ කර ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය අංශය පැවසුවේ.

පසුව 2000 වර්ෂයේදී ගුවන් යානා 09ක් අලුතින් එකතුවීමත් සමග බළඝණය තව තවත් ශක්තිමත් වීම සිදු වුණා.

වත්මන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මෙම බලඝණයේ ගුවන් නියමුවකු, ගුවන් නියමු උපදේශකයකු මෙන්ම අණදෙන නිලධාරිවරයා වශයෙන් ද කටයුතු කරනු ලැබුවා.

එමෙන්ම මාතෘභූමියේ ඒකීයභාවය සුරක්‍ෂිත කරලනු වස් සිය වගකීම්සහගත යුතුකම ඉටු කරලීම උදෙසා වර්ෂ ගණනාවක් මුළුල්ලේ අතිශයින්ම වැදගත් වූ ප්‍රහාරක මෙහෙයුම් රාශියක් සිදු කිරීමට සක්‍රීය දායකත්වය මෙම බලඝණය වෙත ලබා දී තිබෙනවා.

වර්ෂ 2009 මාර්තු මස 08 වැනි දින එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් දශක 03කට අධික කාලයක් මෙරට පැවති ත්‍රස්තවාදය තුරන් කිරීමට ලබා දුන් අද්විතීය දායකත්වය වෙනුවෙන් අංක 10 ප්‍රහාරක බලඝණයට ජනාධිපති වර්ණ ප්‍රදානය කර තිබෙනවා.

මෙම බලඝණය ආරම්භ වූ 1996 වසරේ සිටම මාතෘභූමියෙන් ත්‍රස්තවාදය තුරන් කරලීම උදෙසා සහෝදර හමුදාවන්ගේ චිත්ත ධෛර්යය වඩවමින් යුද භූමියේ මහඟු කාර්යභාරයක් ඉටු කරන ලද බලඝණයක්.

1996 වසරේ සිට ගුවන් හමුදා සක්‍රීය සේවයට එක් වූ මෙම කෆීර් යානා 2006 වසරේ ආරම්භ වූ අවසන් මානුෂීය මෙහෙයුමේ අවසානය දක්වා අඛණ්ඩ වූ සේවයක් ලබාදෙමින් සිය වගකීම මාතෘභූමිය වෙනුවෙන් ඉටු කරලීමට ඇප කැප වුණා.

මෙම බලගණය සිය යානා යොදා ගනිමින් ඉතා සියුම් භූමිගත ත්‍රස්තවාදී ඉලක්කයන් වෙත අතිසාර්ථක අන්දමින් ප්‍රහාර එල්ල කිරීමේ සුවිශේෂී හැකියාවෙන් උපරිම ඵල නෙලා ගනිමින් 1996 වසරේ සිට 2009 වසර දක්වා ප්‍රහාරක මෙහෙයුම් 2500කට අධික ප්‍රමාණයක් සිදුකොට තිබෙනවා.

ගුවන් හා ගොඩබිම් කාර්යය මණ්ඩලයේ කැපවීම මත අංක 10 ප්‍රහාරක බළඝණය අනාගතයේදී ද කිසිදු කලාපීය ගුවන් හමුදාවකට නොදෙවෙනි හැකියාවක් සහිතව හා උසස් පුහුණුව ලත් පිරිස් සමගින් තම සේවය අප මව්බිම සදහා ලබාදීමට නිරතුරුව ඇප කැප වී ක්‍රියා කරනු ලබන බව ද ගුවන් හමුදාව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන්.









Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories