ග්‍රේගරි වැවේ අපද්‍රව්‍ය ඉවත් කිරිමේ ව්‍යාපෘතියක් (ඡායාරූප)

Wednesday, 12 January 2022 - 16:59

%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%9C%E0%B6%BB%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%B4%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
නුවරඑලිය ග්‍රේගරි වැවේ ජලය මත පාවෙන සහ තැන්පත් වි ඇති ප්ලාස්ටික් ,පොලිතින් ඇතුළු කැලි කසල වැවෙන් ඉවත් කිරිමේ වැඩසටහනක්, නුවරඑලිය පොලිස් ජිවිත ආරක්ෂක ඒකකයේ නිලධාරින්ගේ මැදිහත් විමෙන් සිදු කෙරුණා.

නුවරඑලිය ජෙෂ්ඨ පොලිස් අධිකාරි මුලිකත්වයෙන් සහ නුවරඑලිය මහ නගර සභාවේ නිලධාරින් , නුවරඑලිය පොලිස් ජිවිත ආරක්ෂක ඒකකයේ නිලධාරින් , නුවරඑලිය ග්‍රේගරි වැවේ
බොට්ටු හිමිකරුවන්, බොට්ටු පැදිකරුවන් එක්වයි,අද (12) දින දවසපුරා ග්‍රේගරි වැවේ ශ්‍රමදාන කටයුත්ත සිදු කරනු ලැබුවේ.

පසුගිය දා නුවරඑලියට පැමිණි දේශිය සංචාරකයන් විසින් සහ නුවරඑලිය නගරයේ ඇතැම් ව්‍යාපාරිකයන් විසින් වැවට ජලය ගලා බසිනා ඇල මාර්ග වලට බැහැර කරන ලද ප්ලාස්ටික් පොලිතින් ඇතුළු ඝන අපද්‍රව්‍ය, නුවරඑලිය ප්‍රදේශයට පසුගිය දින කිහිපය තුල ඇද හැලුණු වර්ෂාවත් සමග එම අපද්‍රව්‍ය වැවට ගලාගෙනවිත්, ජලයේ පාවෙමින් සහ තැන්පත් වි ඇති බවයි, ග්‍රේගරි වැවේ ශ්‍රමදාන කටයුත්තට එක් වු පොලිස් ජිවිත ආරක්ෂක ඒකකයේ නිලධාරින් කියා සිටියේ.

ප්ලාස්ටික් පොලිතින් , ඝන අපද්‍රව්‍ය වලට අමතරව මත්පැන්සැල් වලින් ඉවත් කරනු ලැබු කුඩා මත්පැන් බොතල් විශාල ප්‍රමාණයක් වැවට ගලාගෙන විත් තැන්පත් වි තිබු බවත්, එම බෝතල්ද වැවෙන් ඉවත් කල බවත්, පොලිස් ජිවිත ආරක්ෂක ඒකකයේ නිලධාරින් පවසනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories