ඉන්දියාවේ කොරෝනා ආසාදනය තවත් ඉහළට

Friday, 14 January 2022 - 11:16

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
අද (14) උදෑසනින් අවසන් වූ පැය විසි හතර තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන් දෙලක්ෂ 64,000 ක් වාර්තාවී ඇති අතර, එය පෙරදිනට සාපේක්ෂව සියයට හතක ඉහළ යාමක් බවයි, ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ අනුව, එරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තුන්කෝටි 63 ලක්ෂ 18,000 ඉක්මවා තිබෙනවා.

ඊයේ (13) දින සිදුවූ කොරෝනා මරණ 380 ත් සමඟින් ඉන්දියාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාවද හාරලක්ෂ 85,000ක් ඉක්මවූවා.

ඉන්දියාවේ නව කොරෝනා ආසාදිතයන් බහුතරයක් වාර්තාවන්නේ මහාරාෂ්ඨ ප්‍රාන්තයෙන්.

දිල්ලි සහ කේරළ ප්‍රාන්තවලින්ද ආසාදිතයන් වැඩි සංඛ්‍යාවක් වාර්තාවී තිබෙනවා.

ඉන්දියාවේ තුන්වන කොරෝනා රැල්ලට හේතුවී ඇත්තේ, සීග්‍ර ව්‍යාප්තියක් සහිත ඔමික්‍රොන් ප්‍රභේදයයි.

තත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ මහ ඇමතිවරුන් කැඳවූ අතර, එහිදී ඔහු කියා සිටියේ, වසර 100 කින් දරුණුතම අභියෝගයට ඉන්දියාව මුහුණදෙන බවයි.

එන්නත්කරණය කොරෝනා වසංගතයෙහි හොඳම පිළියම ලෙස හැඳින්වූ ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ඉන්දියානු ජනගහණයෙන් සියයට 70ක් පමණ මේ වනවිට පූර්ණ එන්නත්කරණය ලබා ඇති බවයි.