ගෙදර ගියොත් අඹු නසී - මඟ හිටියොත් තෝ නසී

Monday, 17 January 2022 - 6:58

%E0%B6%9C%E0%B7%99%E0%B6%AF%E0%B6%BB+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B9%E0%B7%94+%E0%B6%B1%E0%B7%83%E0%B7%93+-+%E0%B6%B8%E0%B6%9F+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9D+%E0%B6%B1%E0%B7%83%E0%B7%93
ඉන්දන නො මැති වීම හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ බලාගාර කිහිපයක් ගිය සතියේ අක්‍රිය වුණේ, ජනතාව හා රටේ දෛනික කාර්‍යයන් බරපතළ අර්බුදයකට ඇද දමමින්.

එය යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා ඩීසල් මෙට්‍රික් ටොන් තුන් දහසක් අවස්ථා දෙකක දී ලබා දී ඇතැ යි කී උදය ගම්මන්පිල අමාත්‍යවරයා, ඩොලර් නො මැති ව මින් ඉදිරියට ඒ ආකාරයෙන් ඉන්ධන දිය නො හැකි බව පවසනවා.

විදුලිබල මණ්ඩලය ඩොලර් ලබාදුන හොත් ඛනිජ තෙල් ආනයනය කර ලබාදිය හැකි බව කී අමාත්‍යවරයා, ඒ සඳහා සතියක පමණ කාලයක් ගතවනු ඇතැ යි ද අවධාරණය කරනවා.

විදුලිබල මණ්ඩලයට ලබා දීමට තරම් අවශ්‍ය ඉන්ධන තොග සංස්ථාවට නො මැති බව යි ඔහු ප්‍රකාශ කළේ.

එසේ නො මැති ව පවතින ඉන්ධන තොග විදුලි නිෂ්පාදනයට ලබාදුන හොත් වාහන ධාවනය කිරීමට නො හැකි වනු ඇති බව අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කරනවා.

ඉන්ධන නො මැති වුව හොත් විදුලි සැපයුම පැයකට දෙකකට කපාහැර තත්ත්වය කළමනාකරණය කිරීමට හැකියාව ඇති නමුත් වාහන ධාවනය සඳහා එවැනි පියවරකට යා නො හැකි බව යි අමාත්‍යවරයා අවසාන වශයෙන් හෙළිදරව් කරන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories